ඔබගේ වියමන අඩවියට HTTPS සබල කිරීම සඳහා, සහතික අධිකාරියකින් (ස.අධි.) සහතිකයක් (ගොනු වර්ගයකි) ගත යුතුය. ලෙට්'ස් එන්ක්‍රිප්ට් යනු ස.අධි. (CA) කි. ලෙට්'ස් එන්ක්‍රිප්ට් වෙතින් ඔබගේ වියමන අඩවියේ වසම සඳහා සහතිකයක් ගැනීමට, ඔබට වසම පාලනය කිරීම පෙන්නුම් කිරීමට සිදුවේ. ලෙට්'ස් එන්ක්‍රිප්ට් සමඟින්, ඔබ මෙය කරන්නේ ඔබගේ වියමන සත්කාරකයේ නියමානුකූලව ධාවනය කරන ACME කෙටුම්පත භාවිතා වන මෘදුකාංගයක් භාවිතා කරමින් ය.
ඔබට වඩාත් හොඳම ක්‍රමය වටහා ගැනීමට, ඔබගේ වියමන සත්කාරකයෙහි පොත්තට ප්‍රවේශය (SSH ප්‍රවේශය ලෙසද හැඳින්වේ) තිබේදැයි දැන ගැනීමට අවශ්‍ය වනු ඇත. ඔබ වියමන අඩවිය මුළුමනින්ම කළමනාකරණය කරන්නේ සීපැනල්, ප්ලෙස්ක් වැනි පාලන පනේලයකින්, හෝ වර්ඩ්ප්‍රෙස් හරහා නම්, බොහෝ විට ඔබට පොත්තට ප්‍රවේශය නොතිබේ. සහතික කර ගැනීමට ඔබගේ සත්කාරක සැපයුම්කරුගෙන් ඇසීමට හැකිය.
පොත්තට (ෂෙල්) ප්‍රවේශය ඇතිව
පොත්තට ප්‍රවේශය ඇති බොහෝ මිනිසුන්ට සර්ට්බොට් ACME අනුග්‍රාහකය භාවිතා කිරීමට අපි නිර්දේශ කරන්නෙමු. එයට නැවතීමකින් තොරව සහතික නිකුත් කිරීම සහ ස්ථාපනය ස්වයංක්‍රීයකරණය කළ හැකිය. ස්වයං වින්‍යාස වීම නුවමනා මිනිසුන් සඳහා එහි ප්‍රවීණ ආකාර ද ඇත. එය භාවිතයට පහසුය, බොහෝ මෙහෙයුම් පද්ධතිවල වැඩ කරයි, සහ උසස් ප්‍රලේඛනයක් ඇත. ඔබගේ මෙහෙයුම් පද්ධතිය සහ වියමන සේවාදායකය සඳහා අභිරුචිකරණය කළ උපදෙස් ගැනීමට සර්ට්බොට් අඩවියට ගොඩවදින්න.
සර්ට්බොට් ඔබගේ අවශ්‍යතා වලට යෝග්‍ය නොවේ නම්, හෝ ඔබ වෙනත් දෙයක් උත්සාහ කිරීමට කැමති නම්, තවත් බොහෝ ACME අනුග්‍රාහක තෝරා ගැනීමට තිබේ. ඔබ ACME අනුග්‍රාහක මෘදුකාංගයක් තෝරා ගත් පසු, සකස් කිරීමට එම අනුග්‍රාහකයේ ප්‍රලේඛනය බලන්න.
ඔබ විවිධ ACME අනුග්‍රාහක අත්හදා බලනවා නම්, අනුපාත සීමා වැදීම වළක්වා ගැනීමට අපගේ අදියර පරිසරය භාවිතා කරන්න.
පොත්තට ප්‍රවේශය නැතිව
ඔබගේ සත්කාරක සැපයුම්කරුගේම සාදා ඇති සහාය භාවිතා කිරීම පොත්තට ප්රවේශයකින් තොරව ලෙට්'ස් එන්ක්‍රිප්ට් භාවිතයට ඇති හොඳම ක්‍රමයයි. ඔබගේ සත්කාරක සැපයුම්කරු ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහාය සලසන්නේ නම්, ඔවුන්ට ඔබ වෙනුවෙන් නොමිලේ සහතිකයක් ඉල්ලීම, එය ස්ථාපනය, සහ ස්වයංක්‍රීයව යාවත්කාලීනව තබා ගැනීම කළ හැකිය. සමහර සත්කාරක සැපයුම්කරුවන් සඳහා, මෙය ඔබ සක්‍රීය කළ යුතු වින්‍යාස සැකසුමකි. අනෙකුත් සැපයුම්කරුවන් ඔවුන්ගේ සියළුම පාරිභෝගිකයින් සඳහා ස්වයංක්‍රීයව සහතික ඉල්ලා ස්ථාපනය කරයි.
ඔබගේ එක මෙහිදැයි බැලීමට මෙම සත්කාරක සැපයුම්කරුවන්ගේ වට්ටෝරුව පරීක්ෂා කරන්න. එසේ නම්, ඔබගේ ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහතිකය පිහිටුවීමට ඔවුන්ගේ ප්‍රලේඛන අනුගමනය කරන්න.
ඔබගේ සත්කාරක සැපයුම්කරු ලෙට්'ස් එන්ක්‍රිප්ට් සඳහා සහය නොදක්වන්නේ නම්, ඔබට ඒ සඳහා සහාය ඉල්ලීමට ඔවුන් හා සම්බන්ධ විය හැකිය. ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහාය එකතු කිරීම ඉතා පහසු කිරීමට අපි උපරිමයෙන් කටයුතු කරන්නෙමු, සහ සැපයුම්කරුවන් බොහෝ විට පාරිභෝගිකයින්ගේ යෝජනා ඇසීමට කැමැත්තෙන් පසුවෙති!
ඔබගේ සත්කාරක සැපයුම්කරු ලෙට්'ස් එන්ක්‍රිප්ට් අනුකලනය කිරීමට නුවමනා නමුත් අභිරුචි සහතික උඩුගත කිරීමට සහය දක්වන්නේ නම්, සර්ට්බොට් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර එහි අතින් හස්තීය ආකාරය භාවිතා කළ හැකිය. හස්තීය අකාරයේදී, ඔබගේ පාලනය ඔප්පු කිරීමට ඔබ විශේෂිත ගොනුවක් ඔබගේ වියමන අඩවියට උඩුගත කරයි. සර්ට්බොට් එවිට ඔබගේ සත්කාරක සැපයුම්කරු වෙත උඩුගත කළ හැකි සහතිකයක් ලබා ගනී. අපි මෙම විකල්පය නිර්දේශ නොකරන්නෙමු මන්ද එය කාලය ගතවන අතර ඔබගේ සහතිකය කල් ඉකුත් වන විට ඔබට වසරකට කිහිප වතාවක් එය නැවත කිරීමට සිදු වනු ඇත. බොහෝ දෙනා ඔබගේ සත්කාරක සැපයුම්කරුගෙන් ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහාය ඉල්ලීම වඩා හොඳය හෝ ඔවුන් එය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන්නේ නම් සැපයුම්කරු මාරු කරන්න.
උදව් ගැනීම
ඔබට ACME අනුග්‍රාහකයක් තෝරා ගැනීම හෝ සුවිශේෂී අනුග්‍රාහකයක් භාවිතා කිරීම හෝ ලෙට්'ස් එන්ක්‍රිප්ට් ආශ්රිත ඕනෑම දෙයක් පිළිබඳව ප්‍රශ්න ඇත්නම්, කරුණාකර අපගේ ප්‍රයෝජනවත් ප්‍රජා සංසදය උත්සාහ කරන්න.